08th September 2023 15:30:45 Hours
ලෙබනනයේ සංචාරයක නිරත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස පසුගිය බදාදා (සැප්තැම්බර් මස 06) දින ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජෙනරාල් චොක් බහදූර් ධකල් (Brigadier General Chok Bahadur Dhakal) හමුවිය.
මෙම සංචාරයේදී, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නියෝජ්‍ය බලසේනාධිපතිතුමන් ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ සේවය ඇගයීමට ලක්කළ අතර පුහුණුව, නිපුණත්වය සහ ඕනෑම අභියෝගයකට මුහුණදීමේ හැකියාව තුළින් සාමය ආරක්‍ෂා කිරීම සඳහා ඔවුන් දක්වන කැපවීම පිළිබඳව ද අවධාරණය කළේය.
රට ආර්ථික දුෂ්කරතාවයකට ලක්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් කෙරෙහි විශ්වාසය තබමින් කටයුතු කිරීම සබැඳිව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය වෙත සිය ස්තූතිය පුදකළ අතර නුදුරේදී එරට සේවය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස්හි ප්‍රමාණය ඉහළ නැංවීමේ හැකියාව පිළිබඳව ද පැහැදිළි කළේය.
එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලබාගත හැකි වූවහොත් එරට සේවය සඳහා යොදවනු ලබන ශ්‍රී ලංකා භටපිරිස් ප්‍රමාණය තවදුරටත් වැඩිකිරීමට පියවර ගතහැකි බව ද ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නියෝජ්‍ය බලසේනාධිපතිතුමන් මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ප්‍රමුඛ ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් විදේශ මෙහෙයුම් කර්නල් පී.පී.සී. පෙරේරා සහ ලෙබනනයේ 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.පී.එල්.ටී. කළුඅග්ගල සහභාගී වූහ.
සංචාරයේ නියුතු දූත පිරිස නුදුරේදී පැවැත්වීමට නියමිත ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා පදක්කම් ප්‍රධානෝත්සවයට ද සහභාගී වීමට සූදානමින් සිටියි.