08th September 2023 15:37:48 Hours
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් ඩී.ජී.එච්. කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් (විශ්‍රාමික) විසින් රචනා කරනු ලැබූ ‘තාරාගේ ආගමනය’ (Thaarage Aagamanaya) කෘතිය සහ ‘කඩොල් ඇත්තු’ (Kadol Eththu) කෘතියේ ඉංග්‍රීසි පිටපත පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 07) දින කොළඹ ආනන්ද විද්‍යාල පරිශ්‍රයේ පැවති උත්සවයකදී එළිදැක්වීය.
මෙම උත්සවයේදී නව කෘතීන්හි මංගල පිටපත් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් වෙත පිළිගැන්වීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ දිවංගත රණවිරුවන්ගේ අමරණීය මතකයන්ට උපහාරයක් වශයෙන් මෙම අවස්ථාවේදී නව කෘතීන්හි කතෘ වන ජෙනරල් ඩී.ජී.එච්. කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් (විශ්‍රාමික) ගේ සුරතින් දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ භාර්යාව වන ලාලි කොබ්බෑකඩුව මහත්මිය සහ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ගේ භාර්යාව වන මානෙල් විමලරත්න මහත්මිය වෙත නව කෘතීන්හි පිටපත් ප්‍රදානය කරනු ලැබීය.
‘තාරාගේ ආගමනය’ සහ ‘කඩොල් ඇත්තු’ නව කෘතීන් එළිදැක්වීමේ උත්සව අවස්ථාව සඳහා මහා සංඝරත්නය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශ තානාපතිවරුන්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති, කීර්තිමත් විද්වතුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිතයින් පිරිසක් ද සහභාගී වූහ.