Header

Sri Lanka Army

Defender of the Nation

08th September 2023 09:33:58 Hours

යුදබිමේ සත්‍ය කථා පාදක කොට රචිත ‘ආමරිය සීල්’ සහ ‘යුදබිමේ කුරුටු ගී’ ග්‍රන්ථයන් එළිදක්වයි

යුද්ධ හමුදා රණවිරුවා සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලුතිනන් කර්නල් එස්.සී. එදිරිසිංහ විසින් රචිත ‘ආමරිය සීල්’ සහ ‘යුදබිමේ කුරුටු ගී’ ග්‍රන්ථයන් කොළඹ 07, මහවැලි කේන්ද්‍රයේ පැවති උත්සවයකදී බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 07) දින එළිදැක්විණි. යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ එම අවස්ථාවට හමුදා නිලධාරීන් සහ ආරාධිතයින් රැසක් ද සහභාගී වූහ.

එහිදී, එම ග්‍රන්ථයන් රචනා කිරීමට කිරීමට හේතු පාදක වූ කරුණු පැහැදිලි කළ ලුතිනන් කර්නල් එස්.සී එදිරිසිංහ, 2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුම සාර්ථකව අවසන් කිරීමට සක්‍රීයව දායක වූ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහාය ඇතිව සිදුකරනු ලැබූ පර්යේෂණ සහ සොයාගැනීම් වලින් මෙම ග්‍රන්ථයන් රචනා කරන ලදී.

උත්සව අවස්ථාව අතරතුරදී එම ග්‍රන්ථයන්හි මංගල පිටපත් මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ අනෙකුත් ආරාධිතයන් වෙත ප්‍රදානය කරනු ලැබීය. මෙම කෘතීන් යුදබිමේ සත්‍ය සිදුවීම් 22 ක් පාදක කොටගනිමින් රචනා කොට ඇති අතර, ලුතිනන් කර්නල් එස්.සී එදිරිසිංහ විසින් මේ වන විට කුරිරු එල්.ටී.ටි.ඊ ත්‍රස්ථවාදය මෙරටින් තුරන් කීරීම සදහා සිදුකරනු ලැබූ මානූෂිය මෙහෙයුම සහ එම යුද ඉතිහාසය අළලා ග්‍රන්ථ 08 ක් එළිදක්වා ඇත.

සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ආරාධිතයින් පිරිසක් ද සහභාගි වූහ.