Header

Sri Lanka Army

Defender of the Nation

08th September 2023 09:40:45 Hours

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton) මහතා බදාදා (06) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහද හමුවේදී, දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳවත්, දෙරට අතර පවතින සුහදතාවය, සහයෝගීතාවය මෙන්ම ද්විපාර්ශ්වික සබඳතාවයේ දිගුකාලීන බැඳීම් පිළිබඳව සාකච්ඡා කළ අතර, එම ද්විපාර්ශ්වික සබඳතාවයන් වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබදව ද අදහස් හුවමාරු කරගන්නා ලදී.

සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපතිතුමන් සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් අතර සුහදතාවය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

මෙම සුහද හමුව සඳහා යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ද සහභාගී විය.