04th September 2023 19:23:49 Hours
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් එක්සත් රාජධානියේ ‘Chesnut Foundation’ පදනම වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත වෙල්වැටිතුරෙයි, චිතම්බරම් විද්‍යාලයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 50 දෙනෙකු වෙත පාසල් බෑග් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් පී.ඒ.ටී.සී. තිලකරත්න ගේ සම්බන්ධීකරණය මත මෙම වැඩසටහන සඳහා පුණ්‍ය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කරනු ලබන වෛද්‍ය නදීත් කෞෂල්‍ය මහතා විසින් සිය අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබීය.
චිතම්බරම් විද්‍යාල පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (අගෝස්තු මස 25) දින පැවති මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා එම විද්‍යාලයේ විදුහල්පති, ගුරු භවතුන් සහ දෙමාපියන් ද සහභාගී වූහ.
52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් හා 521 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මෙම අවස්ථාව සඳහා 521 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.