Header

Sri Lanka Army

Defender of the Nation

04th September 2023 19:06:24 Hours

රණවිරු සේවා අධ්‍යක්‍ෂතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බලප්‍රදේශයේ ස්ථාපිත රණවිරු සංවිධානයන්හි නිලධාරීන් හමුවෙයි

රණවිරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩී.සී.සී.ඩී.ආර්. වෛද්‍යසේකර ආර්එස්පී ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත මාතලේ සහ මහනුවර දිස්ත්‍රික් රණවිරු සංවිධානයන්හි නිලධාරීන් සමඟ පසුගියදා මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පරිශ්‍රයේදී සුහද සාකච්ඡාවක නිරතවූයේය.

මෙම සුහද හමුවේදී, දිවංගත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්, විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හා සබැඳි කරුණු සමාලෝචනය කරනු ලැබීය. එමෙන්ම, රණවිරු සංවිධානයන්හි අනාගත ඉලක්ක සහ අරමුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මානුෂීය මෙහෙයුමේ නිරතව සිටියදී දිවිපිදූ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් දඹුල්ල, දිගම්පතන ප්‍රදේශයේ වෙන්කර ඇති ඉඩම පිළිබඳව ද මෙහිදී රණවිරු සේවා අධ්‍යක්‍ෂතුමන් නිරීක්‍ෂණය කළේය.

රණවිරු පවුල් වෙනුවෙන් උපරිම මට්ටමින් සුබසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම රණවිරු සංවිධාන මේ වනවිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වේ.