Header

Sri Lanka Army

Defender of the Nation

04th September 2023 19:16:18 Hours

ජාතික ආධුනික පිරිමි ජූඩෝ ශූරතාවය යුද්ධ හමුදාවට

ඔලිම්පික් ජූඩෝ කමිටුවේ අනුග්‍රාහකත්වය මත ශ්‍රී ලංකා ජූඩෝ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ආධුනික ජූඩෝ ශූරතාවලිය අගෝස්තු මස 27 සිට 29 දින දක්වා පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වූ අතර, එහි ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි ජූඩෝ කණ්ඩායම විසින් හිමිකරගත්හ.

තරඟාවලිය සඳහා ජූඩෝ සංගම් 35 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 308 දෙනෙකු ඉදිරිපත් වූ අතර, යුද්ධ හමුදා පිරිමි ජූඩෝ කණ්ඩායම රන් පදක්කම් 06 ක්, රිදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් සමඟින් ලකුණු 53 ක් රැස්කරගනිමින් ශූරතාවය හිමිකරගත්හ. රන් 02 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කමක් සමඟින් ලකුණු 17 හිමිකරගනිමින් අනුශූරතාවය දිනාගැනීමට වික්‍රමබාහු ක්‍රීඩා සමාජය සමත්වූහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ජූඩෝ කණ්ඩායම රන් පදක්කම් 05 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් සමඟින් ප්‍රසාද ලකුණු 34 ක් ලබාගනිමින් කාන්තා අංශයේ ශූරතාවය හිමිකර ගත් අතර, රජරට ක්‍රීඩා සමාජයේ කාන්තා ජූඩෝ කණ්ඩායම රිදී පදක්කම් 02 ක් සමඟින් ලකුණු 06 ලබාගනිමින් අනුශූරතාවයට හිමිකම් කීහ.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ සභාපති විංග් කමාන්ඩර් මංජුල වීරසිංහ සහභාගී වූ අතර, තරඟය නැරඹීම සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වූහ.