04th September 2023 19:10:49 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ 521 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පරිත්‍යාගශීලියෙකුගේ සහයෝගය මත නෙල්ලිඅඩි සහ පේදුරුතුඩුව ප්‍රදේශයන්හි වෙසෙන වයස අවුරුදු පස්වන සහ නවවන වියේ පසුවන ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසුන් දෙදෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබීය.
මෙම ශිෂ්‍යත්වය යටතේ, එම සිසුන්ගේ ප්‍රාථමික අධ්‍යාපන කටයුතු අවසන් වන තෙක් වසර පහක කාලසීමාවක් වෙනුවෙන් සෑම මසකම රුපියල් 2000/= බැගින් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කෙරේ.
නෙල්ලිඅඩි ‘කලයිමඩි’ ශාලාවේදී පැවති මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, එම ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරී, ප්‍රතිලාභි සිසුන්ගේ දෙමාපියන් සහ ඥාතීන් ද සහභාගී වූහ.