Header

Sri Lanka Army

Defender of the Nation

04th September 2023 18:55:31 Hours

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ධූරයේ පසුගිය දා රාජකාරී භාරගනු ලැබූ කර්නල් මුහම්මද් ෆාරුක් පීඑස්සී (Colonel Muhammad Farooq psc) සඳුදා (සැප්තැම්බර් මස 04) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහඳ හමුවේදී, දෙරටෙහි යුද්ධ හමුදාවන් අතර පවතින සුහදතාවය, සහයෝගීතාවය මෙන්ම ද්විපාර්ශ්වික සබඳතාවය ඇතුළු පොදු කරුණු පිළිබඳ සාකච්ඡා කෙරිණි.

මෙම සුහඳ හමුවේ සමාප්තිය සනිටුහන් කරමින්, යුද්ධ හමුදාධිපතිතුමන් සහ කර්නල් මුහම්මද් ෆාරුක් පීඑස්සී අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.