03rd September 2023 21:12:19 Hours
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී 2023 අගෝස්තු මස 31 සහ 01 දෙදින තුළ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 පාබල සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවූයේය.
මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී 2023 අගෝස්තු මස 31 දින ප්‍රථමයෙන් 22 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරය කළ අතර එහිදී 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සේනාංක මූලස්ථානයේ කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් සිය කාර්යභාරය සහ වගකීම් පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකළේය. 22 පාබල සේනාංකයේ භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් භටපිරිස් සමඟින් සුහද අදහස් හුවමාරුවක ද නිරතවිය.
මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී එදිනම 221 පාබල බලසේනා මූලස්ථානයේ සහ 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ ද සංචාරය කළේය. එම බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් විසින් සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
සංචාරයේ දෙවන දිනය ආරම්භ කරමින්, එතුමන් 2023 සැප්තැම්බර් මස 01 දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් චමින්ද හෙට්ටිආරච්චි මහතා සහ ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක මහතා හමුවී සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය. එමෙන්ම, IOC සමාගමේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් උප සභාපති දෙබන්ජන් මුකර්ජි (Debanjan Mukarji) මහතා, කෝනේශ්වරම් හින්දු කෝවිලේ ප්‍රධාන පූජක කුරුක්කල් ෂන්මුගනාථ (Kurukkal Shanmuganatha) පූජකතුමන් සහ අල් දුහුල් මුස්ලිම් පල්ලියේ ප්‍රධාන මවුලවි මොහොමඩ් ජවුශිනාත් (Mohomad Jawzinat) මහතා ද හමුවිය.
එම සුහද හමුවෙන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර 223 සහ 222 පාබල බලසේනා මූලස්ථානයන්හි සංචාරය කළේය. එම බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් විසින් එහිදී සිය කාර්යභාරයන් සහ වගකීම් පිළිබඳ මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී දැනුවත් කළහ. එම මූලස්ථානයන්ගෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය.
සංචාරය සඳහා, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, බලසේනාධිපතිවරුන්, ඒ යටතේ ස්ථාපිත සියලුම ඒකකයන්හි මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.