Header

Sri Lanka Army

Defender of the Nation

03rd September 2023 21:05:57 Hours

යුද්ධ හමුදා භටපිරිස් සක්කොටේ වෙරළ තීරය පිරිසිදු කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් යාපනය ප්‍රදේශයේ පිහිටි සක්කොටේ වෙරළ තීරය ආරක්‍ෂා කරගැනීමේ අරමුණින් එම ප්‍රදේශයේ වගකිවයුතු රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය වෙමින් එම වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 සැප්තැම්බර් මස 01 දින ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ සඳහා යුද්ධ හමුදා නිලධාරීන්, භටපිරිස් පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සහ පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සිය දායකත්වය දැක්වූහ.