02nd September 2023 18:24:07 Hours
රියර් අද්මිරාල් සංජය සච්දේවා එන්එම් එස්ඩීඑස් (නාවික හමුදා) එන්ඩීසී (Rear Admiral Sanjaya Sachdeva NM SDS (Navy) ndc) ප්‍රමුඛ සාමාජිකයන් 17 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යාල දූත පිරිස යුද්ධ හමුදා මූලස්ථානයේ පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 29) දින සංචාරයක නිරත වෙමින් යුද්ධ හමුදා මූලස්ථාන බහුකාර්ය ශාලාවේ පැවති ‘අන්තර් බුද්ධි මණ්ඩපය’ සඳහා සහභාගී වූහ.
‘ඉන්දියානු සාගර කලාපයේ උපාය මාර්ගික ගතිකත්වය සහ ශ්‍රී ලංකාවේ ඉදිරි දර්ශනය’ තේමාව ඔස්සේ සැසිවාර තුනකින් සමන්විත වූ මෙම සැසිය පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාණ්ඩේ (Dr Satyanjal Pandey) සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී වූහ.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ආචාර්ය සත්‍යාංජල් පාණ්ඩේ විසින් ආරම්භක දේශනය පවත්වනු ලැබීය. අනතුරුව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආචාර්ය හරින්ද විදානගේ මහතා විසින් ‘ඉන්දියානු සාගර කලාපයේ උපායමාර්ගික ගතිකත්වය’ මැයෙන් පළමු සැසිය පවත්වන ලදී.
ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන පර්යේෂණ විශ්ලේෂක සහ පර්යේෂණ සහකාර චරණි පටබැඳිගේ මහත්මිය ‘Road Map Strengthen Regional Cooperation in South Asia; Sri Lankan Perspective’ තේමාව ඔස්සේත් think-tank සංවිධානයේ අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් ජේ.ජේ. රණසිංහ වීඑස්වී යූඑස්පී පීඑස්සී (විශ්‍රාමික) විසින් ‘Presence of Extra Regional Powers in the IOR and its Impact on National Security of Littoral’ තේමාව ඔස්සේත් දේශනයන් පැවැත්වූහ.
සියලුම සැසිවාරයන්ගෙන් අනතුරුව ප්‍රශ්නෝත්තර සැසියක් පැවති අතර, සමාප්ති දේශනය යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික විසින් සිදුකරන ලදී. මෙම සැසිය සමාප්තියේ මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් රියර් අද්මිරාල් සංජය සච්දේවා එන්එම් සහ ආචාර්ය සත්‍යාංජල් පාණ්ඩේ වෙත සමරු තිළිණ ප්‍රධානයක්ද සිදුකරනු ලැබූ අතර, අනතුරුව රියර් අද්මිරාල් සංජය සච්දේවා එන්එම් විසින් යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික වෙතද සමරු තිළිණයක් ප්‍රධානය කරන ලදී.
යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.කේ.එස්. නන්දන ආර්එස්පී යුඑස්පී පීඑස්සී, පර්යේෂණ සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.සී.එල්. ගුණවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් විකාස් සූද් (Captain Vikas Sood), සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.