31st August 2023 20:37:28 Hours
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අගෝස්තු මස 24 සිට 27 දින දක්වා කාලය තුළ යාන්ත්‍රික පාබල බලසේනාව, යාන්ත්‍රික පාබල පුහුණු පාසල, 1, 2, 3 යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සහ 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ක්‍රියාකාරී අංශයන් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් එම මූලස්ථානයන්හි සංචාරයක නිරතවිය.
එම මූලස්ථානයන් වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම මූලස්ථානයන් පිළිබඳ හැඳින්වීමක් ලබාගැනීමෙන් අනතුරුන භටපිරිස් ආමන්ත්‍රණය කිරීම සහ කඳවුරු සංචාරයන් සිදුකරනු ලැබීය.
සංචාරයන් සමාප්තියේ කඳවුරු පරිශ්‍රයන් තුළින් නික්ම යෑමට ප්‍රථම සෑම කඳවුරු පරිශ්‍රයක් තුළම එතුමන් පැළ රෝපණය කළේය.
මෙම සංචාරය සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.එ්. අබේසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී පීඑස්සී, යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.ඒ. ජයසේකර ආර්එස්පී යූඑස්පී සහ මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.