31st August 2023 20:38:23 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ කටයුතු සුමටව පවත්වාගැනීමේ අරමුණින් පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පසුගිය සඳුදා (අගෝස්තු මස 28) දින දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත එම පුහුණු පාසල් පරිශ්‍රයේ සංචාරයක නිරතවිය.
පුහුණු පාසලේ ප්‍රධාන දොරටුව අභියසදී, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.ජේ. ජයරත්න කේඑස්පි විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායකතුමන් විසින් එම පුහුණු පාසලේ පරිපාලන සහ පුහුණු ක්‍රමවේදයන් පිළිබඳ සවිස්තරාත්මක පැහැදිළි කිරීමක් සිදුකළේය.
කර්නල් ජේ.ඒ.ජේ. ජයරත්න කේඑස්පි විසින් පරිපාලන කටයුතු, පාඨමාලා සහ සෙසුනිලයන් සඳහා ක්‍රියාත්මක වන ඉංග්‍රීසි පාඨමාලාවට අදාළ අධ්‍යයන විෂයයන් පිළිබඳව ද පැහැදිලි කිරීමක් සිදුකළේය.
මෙම අවස්ථාවේදී, මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී විසින් පුහුණු කටයුතු සාර්ථකව පැවැත්වූ පාඨමාලා හැදෑරූවන් වෙත ජාතික නිපුණතා මට්ටම 3 සහ 4 සහතිකපත් ද ප්‍රදානය කරන ලදී.
මෙම සංචාරය සමාප්තියේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් විසින් දේශනයක් පැවැත්වීය. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.