Header

Sri Lanka Army

Defender of the Nation

31st August 2023 21:43:27 Hours

මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරී නිමාකර 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායමේ දෙවන කණ්ඩායම රාජකාරී නිමාවෙන් පසුව යළිත් දිවයිනට

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා යොදවා සිටි 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායමේ දෙවන කණ්ඩායම ඔවුන්ගේ රාජකාරී නිමාවෙන් පසුව අඟහරුවාදා (අගෝස්තු මස 31) දින දිවයිනට පැමිණෙන ලදී.

නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසුනිලයින් 62 දෙදෙනෙකුගෙන් සමන්විත මාලි රාජ්‍යයේ 5 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම සිය රාජකාරී ආරම්භ කිරීමෙන් පසු 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායමේ දෙවන කණ්ඩායම මෙරටට පැමි‍ණියහ.

දිවයිනට පැමිණෙන පිරිස පිළිගැනීම සඳහා 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී‍, නිලධාරීන් සහ එම කණ්ඩායමේ සාමාජිකයන්ගේ ඥාතීන් කිහිපදෙනෙකු ද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ සිටියහ.

4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම සඳහා නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසුනිලයින් 223 දෙනෙකු ඇතුළත් වූ අතර, එම ඛණ්ඩයේ බහුතරය ගැමුණු හේවා බලකා රෙජිමේන්තුවේ භටපිරිස්ගෙන් සමන්විත වූහ. ඔවුන් 2022 මැයි මස 23 දින මාලි රාජ්‍යය බලා මෙරටින් පිටත්ව යන ලදී.