Header

Sri Lanka Army

Defender of the Nation

31st August 2023 20:04:35 Hours

53 පාබල සේනාංකයේ 27 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

1 බලකාය යටතේ ස්ථාපිත දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි 53 පාබල සේනාංකයේ 27 වන සංවත්සර දිනය වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (24) දින එම මූලස්ථාන පරිශ්‍රයේදී එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී ගේ මූලිකත්වයෙන් ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ඩබ්ලිව්.කේ. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

ප්‍රතිසංස්කරණය කරනු ලැබූ ‘Araliya Speed Mart’ සුබසාධන අලෙවිසැල සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා ඉන්ධන පිරවුම්හල ද මෙම සැමරුම් උත්සවයට සමගාමීව විවෘත කෙරිණි. හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළ සේනාංකාධිපතිතුමන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූ අතර එදින සන්ධ්‍යාවේ සංගීතමය වැඩසටහනක් ද පැවැත්විණි.

සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව එම සේනාංකයේ සේවයේ නියුතු භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 22) දින ‘බෝධි පූජාවක්’ සහ ‘ධර්ම දේශනාවක්’ පැවැත්වූ අතර පසුගිය බදාදා (අගෝස්තු මස 24) දින අන්තර් බලසේනා ක්‍රිකට් තරඟාවලියක් ද පැවැත්වීය. මෙම සැමරුම් උත්සවය සඳහා 53 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.