Header

Sri Lanka Army

Defender of the Nation

30th August 2023 20:02:43 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අළුත්වැඩියා කටයුතු සිදුකරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 4 ඇළ ප්‍රදේශයේ පිහිටි බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සියලුම අලුත්වැඩියා කටයුතු, ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර විහාරස්ථාන පරිශ්‍රයේ නාමපුවරුව සවිකිරීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා (අගෝස්තු මස 25) දින එම විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් වෙත පූජාකරනු ලැබීය.

ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් විහාරාධිපති හිමිපාණන් වෙත දැනුවත් කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ වැලිකන්ද, ගැරිසන් ආරක්‍ෂක සේවා ඉන්ජිනේරු කාර්යාලයේ සාමාජිකයන් සමඟින් 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවෙහි භටපිරිස් එක්ව මෙම සත් කාර්යය සිදුකරන ලදී.

මෙම විහාරස්ථානයේ සදහම් මන්දිරය සහ උමං ලෙන් කෞතුකාගාරයෙහි ඉදිකිරීම් කටයුතු සඳහා 2023 මාර්තු 09 දින හිටපු ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙ‍නරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් මුල්ගල තබන ලදී.

උත්සව අවස්ථාව සඳහා ප්‍රදේශයේ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ බැතිමතුන් සහභාගි වූහ.