29th August 2023 22:41:22 Hours
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ රණවිරු ඇපරල් කළමනාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින යක්කල ප්‍රදේශයේ ස්ථාපිත රණවිරු ඇපරල් ආයතනයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
සංචාරයේ නිරත මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ජී.ඒ.එන්.බී. මහතුවක්කාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.සී.ජේ. වාසගේ ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
එතුමන් ක්ෂේත්‍ර සංචාරය ආරම්භ කිරීමට ප්‍රථම කර්මාන්තශාලාව තුළ සිදුකරන නිෂ්පාදන ක්‍රියාවලිය සහ පිරිසැලසුම් කටයුතු පිළිබඳ දැනුවත් විය.
මෙම අවස්ථාවේදී, මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී විසින් රණවිරු ඇපරල් ආයතනයේ සාර්ථකත්වයට මඟ පාදාදුන් සේනාවිධායක ප්‍රමුඛ රණක්‍ෂිතයට පත් රණවිරුවන් ඇතුළු සියලු නිලයන් වෙත සිය කෘතඥතාව පුදකළේය.
එම ආයතන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.