30th August 2023 10:40:00 Hours
විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පාලන පරීක්‍ෂාව පසුගිය සඳුදා (අගෝස්තු මස 28) දින මාතලේ, නාඋල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පාලන පරීක්‍ෂාවේදී ප්‍රධාන වශයෙන් යුද්ධ හමුදාවේ නියමිත ක්‍රියාපටිපාටියට අනුකූලව සියලුම රෙජිමේන්තුවල කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමත් භඨකාර්ය සම්පාදනය, පරිපාලනය සහ නඩත්තු කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටළු හා එම ගැටළු නිරාකරණය කිරීම සම්බන්ධ වූ කරුණු කෙරෙහි වැඩි අවධානය යොමුකෙරිණි.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී. ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී විසින් එතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
පාලන පරීක්‍ෂාවේ කටයුතු ආරම්භ කිරීමට පෙර, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් යුද්ධ හමුදාව තුළ වෘත්තීමය රෙජිමේන්තුවක් බවට පත්වීම සඳහා පාලන පරීක්‍ෂාවක් පැවැත්වීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.
මෙම පාලන පරීක්‍ෂාව සඳහා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.එ්.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී, යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී සහභාගී වූහ.