30th August 2023 19:56:18 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් කනිෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් වෙනුවෙන් අම්පාර, සෙනරත් සෝමරත්න ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 24) දින නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්විණි.
3, 4 සහ 5 ශ්‍රේණිවල ඉගෙනුම ලබන කනිෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් 26 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සහභාගී වූ අතර, මෙම වැඩසටහන තුලින් ඔවුන් කණ්ඩායම් වැඩසටහන්, අනෝන්‍ය සහයෝගීතාවය සහ ඵලදායී සන්නිවේදනයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කෙරිණි.
පුහුණු වැඩසටහනක් මඟින් සිසුන්ට තම අදහස් දැක්වීමට, අදහස් බෙදාගැනීමට සහ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදීම මගින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය ප්‍රවර්ධනය වනු ඇත. වැඩසටහන සඳහා සහභාගී වූ සිසු සිසුවියන් සඳහා භටපිරිස් විසින් අවශ්‍ය ආහාරපාන ලබාදීම ද සිදුකරන ලදී.
මෙම පුහුණු වැඩසටහන සඳහා 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ පාසල් විදුහල්පතිතුමන් ඇතුළු කාර්යය මණ්ඩලය ද සහභාගී වූහ.