29th August 2023 22:35:41 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 562 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ඇටඹගස්කඩ විද්‍යාලය, අග්‍රබෝධි විද්‍යාලය, මහකච්චිකුඩි විද්‍යාලය, බෝගස්වැව විද්‍යාලය සහ නැදුන්කුලම කනිෂ්ඨ විද්‍යාලය යන විද්‍යාලයන්හි ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරතවන සිසු සිසුවියන් 150 දෙනෙකු පසුගිය බදාදා (අගෝස්තු මස 23) දින මාමඩුව ශ්‍රී ස්වර්ණතිලකාරාමය වෙත කැඳවා ඔවුන් වෙත පාසල් පොත් සහ ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කරනු ලැබීය.
යුද්ධ හමුදාවේ ආරාධනයකට අනුව මහජන බැංකු බෞද්ධ සංගමය වෙතින් මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දැක්වීය.
මෙම පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී සහභාගී විය. එමෙන්ම, මහජන බැංකු බෞද්ධ සංගමයේ රොහාන් පෙරේරා මහතා ප්‍රමුඛ මහජන බැංකුවේ ප්‍රධාන නිලධාරීන්, 562 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.එම්.එස්.ජේ. තෙන්නකෝන් ආර්එස්පී, 561 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.ජී. බණ්ඩාරනායක යූඑස්පී පීඑස්සී, කලාප අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආර්. වීරසිංහ මහතා, එම බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පතිවරුන් සහ ගුරු භවතුන් පිරිසක් ද සහභාගි වූහ.
මෙම පරිත්‍යාග වැඩසටහන අතරතුර ප්‍රතිලාභීන් විසින් විනෝදාත්මක අංග කිහිපයක් ද පැවැත්වීය.