29th August 2023 22:29:07 Hours
232 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එස්.පී.අයි.එච්. සේනානායක පීඑස්සී එල්එස්සී ගේ අනුග්‍රාහකත්වය මත ක්‍රියාත්මක කරනු ලැබූ සුබසාධන ව්‍යාපෘතියක් ලෙස පසුගිය බදාදා දින (අගෝස්තු මස 23) මඩකලපුව, කරවෙඩ්ඩියාරු විජිත පාසලේ සිසු සිසුවියන් 20 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.
232 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබූ මෙම පරිත්‍යාග වැඩසටහනේදී 1 සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙත මෙම පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණි. රුපියල් 2500/= ක වටිනාකමකින් යුක්ත වූ මෙම පාර්සල් පැන්සල්, අභ්‍යාස පොත්, චිත්‍ර අඳින පැන්සල් ආදියෙන් සමන්විත විය.
මෙම අවස්ථාවට කරවෙඩ්ඩියාරු විජිත පාසලේ විදුහල්පතිතුමිය සහ ගුරුභවතුන් තිදෙනෙකු, පාසල් සිසු සිසුවියන්ගේ දෙමාපියන් 15 දෙනෙක් සහ 4 ගැමුණු හේවා බලකායේ නිලධාරින් 04 දෙනෙක් සහ සෙසුනිලයන් 15 දෙනෙකු සහභාගී වූහ.