Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2023 22:17:53 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මූලිකත්වයෙන් සේවක මහත්වරුන්ගේ දරු දැරියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙත ලැබුනු පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්වරුන්ගේ අධ්‍යාපන කටයුතු වල නිරත දරු දැරියන් වෙත පාසල් උපකරණ පාර්සල් 34 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (අගෝස්තු මස 19) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ගේ උපදෙස් මත මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කෙරිණි.

කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින් සමාජිකත්වය දරන ‘අතහිත පදනමේ’ නිර්මාතෘ වන ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා විසින් මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා මුල්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන්නේය.

මෙම පරිත්‍යාග වැඩසටහන සමාප්තියේ දානපති ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා විසින් සාමණේර භික්‍ෂූන් වහන්සේලා අධ්‍යාපන කටයුතුවල නිරත දියතලාව ‘අත්තදස්සි’ පිරිවෙනට ද වියළි ආහාර සලාක තොගයක් පරිත්‍යාග කරනු ලැබීය. එම අවස්ථාව සඳහා ‘අතහිත පදනමේ’ සාමාජිකයන් ද සහභාගී වූහ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.