Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2023 22:27:18 Hours

ඉංජිනේරු සේවා බලකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

ඉංජිනේරු සේවා බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී පීඑස්සී පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අගෝස්තු මස 24 දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසී පීඑස්සී වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් වයි.කේ.එස්. රංගික පීඑස්පී පීටීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී මානුෂීය මෙහෙයුමෙන් දිවිපිදූ විරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළ මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මූරයේ ගෞරවාචාරය ද පුදකරනු ලැබීය.

මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසී පීඑස්සී සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට එක්වීමෙන් අනතුරුව එතුමන් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය.

හමුදා සම්ප්‍රදායානුකූලව නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසී පීඑස්සී එතුමන්ගේ ඉදිරි සැලසුම් සහ කාර්යභාරයන් පිළිබඳ දැනුවත් කළේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයේදි නව කර්නල් සේනාවිධායකතුමන් සියලු නිලයන් සමඟින් සුහද අදහස් හුවමාරුවක ද නිරතවිය.