Header

Sri Lanka Army

Defender of the Nation

25th August 2023 20:12:26 Hours

14 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධූරයේ රාජකාරි අරඹයි

විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස 2023 අගෝස්තු මස 21 දින කොළඹ ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේදී රාජකාරි භාර ගන්නා ලදී.

14 පාබල සේනාංක මූලස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. පසුව ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් සංකේතවත් ලෙස නව ධූරයේ රාජකාරී භාරගනු ලැබීය. භටපිරිස් ඇමතු නව සේනාංකාධිපතිතුමන් එතුමන්ගේ ඉදිරි දැක්ම විස්තර කළේය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.