24th August 2023 22:11:47 Hours
61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 611 පාබල බලසේනාවට අයත් 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් 60 දෙනෙකු පසුගිය අඟහරුවාදා දින (අගෝස්තු 22) වරකාපොල, කොස්කැලේ, ඕපාත පොදු රක්ෂිත ප්‍රදේශයේ හටගත් විශාල ලැව්ගින්නක් මැඩපැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව භටපිරිස් දැඩි පරිශ්‍රමයක් දරා පැතිරි ගිය ලැව්ගින්න නිවා දැමීමට කටයුතු කළේය.
ගල්දොල ප්‍රදේශයේ ද එවැනිම ලැව් ගින්නක් ඉකුත් බදාදා දින (අගෝස්තු මස 23) අලුයම කැළෑ ප්‍රදේශයේ වේගයෙන් පැතිර යමින් තිබු අතර, එම ගින්න මැඩපැවැත්වීම සඳහා කල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට යුද්ධ හමුදාවේ සහය ලබාදුන්හ.
61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 611 පාබල බලසේනාවේ නිලධාරීන් 4 දෙනෙකු සහ 8 ගැමුණු හේවා බලඇණියේ යුද්ධ හමුදා සාමාජිකයන් 60 දෙනෙකු කඩිනමින් ගින්න පැතිර යමින් තිබු භූමි ප්‍රදේශයට ගොස් ගින්න පාලනය කිරීමට සහයෝගය ලබාදුන්හ.
61 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 611 පාබල බලසේනාවේ බලසේනාධිපති ඒ යටතේ ස්ථාපිත බලඇණිවල අණදෙන නිලධාරීන් භටපිරිස් සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දුන්හ.
මෙම ලැව්ගිනි පවතින වියළි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඉතා වේගවත්ව පැතිරයන අතර, යුද්ධ හමුදා සාමාජිකයෝ සිය ජීවිත අවධානමද නොතකා මෙම ලැව්ගිනි නිවාදැමීමට සිය දායකත්වය දක්වති.