Header

Sri Lanka Army

Defender of the Nation

24th August 2023 21:56:16 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් 6 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී මිහින්තලේ ප්‍රදේශයේ ස්ථාපිත 6 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ සංචාරයක නිරත වෙමින් එහි පරිපාලන කටයුතු සහ කාර්යභාරයන් පිළිබඳ සොයා බලන ලදී.

6 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 6 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ අණදෙන නිලධාරී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව ඒකකයේ වත්මන් කාර්යභාරය සහ කර්තව්‍යයන් පිළිබඳව එම ඒකකයේ අණදෙන නිලධාරි විසින් එතුමන් දැනුවත් කරන ලදී. පසුව එතුමන් එම ඒකකයේ සැපයුම් අවශ්‍යතා සහ පරිපාලන කටයුතු පිළිබඳව ද සොයා බලන ලදී.

මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 6 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් අමතා ඔවුන් සමඟ සුහඳ පිළිසඳරක ද නිරත විය.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්.එච්.සී.ආර් සිරිවර්ධන ආර්එස්පී සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට එක්වූහ.