24th August 2023 21:58:40 Hours
ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ආර්.එම්.ජේ.බී රත්නායක ආර්එස්පී, කොළඹ නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ නව කළමනාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ ලෙස අගෝස්තු මස 21 දින පැවැති උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.
බ්‍රිගේඩියර් ආර්.එම්.ජේ.බී රත්නායක ආර්එස්පී ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.