24th August 2023 22:02:36 Hours
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරි සහ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් (Lieutenant Colonel Anthony Nelson) පසුගිය බදාදා (අගෝස්තු මස 23) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරත වූයේය.
සංචාරයේ නිරත ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙහිදී, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් සිවිල් - හමුදා සහයෝගීතාව, සමාජ සුබසාධන ව්‍යාපෘති, ප්‍රදේශයේ ආරක්‍ෂාව, ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘති ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සටහනක් ද තැබූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුක්ද සිදු කර ගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ද සහභාගී වූහ.