Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2023 22:34:10 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්. ඩබ්ලිව්. එච්. ආර්. ආර්. වී. එම්. එන්. ඩී. කේ. බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සදුදා (අගෝස්තු මස 21) දින ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව බලකාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් අනතුරුව, මහා සංඝ රත්නයේ පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

උත්සවයේ කටයුතු අවසන් කරමින් භටපිරිස් ඇමතීම සිදුකල එතුමන් එහිදී කැපවීමෙන්, කණ්ඩායමක් ලෙස රාජකාරි කටයුතු සිදුකිරීම මගින් ආයතනික අරමුණු සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්නත්, යුද්ධ හමුදාව සතු සම්පත් ආරක්‍ෂා කරගැනීමේ වැදගත්කම පිළිබඳවත් අවධාරණය කළේය.