23rd August 2023 22:49:06 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ 542 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් සිංගප්පූරුවේ ‘Willing Hearts Foundation’ සහ වවුනියාවේ ‘මහා කරුණා සංගමයේ’ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත මන්නාරම දිස්ත්‍රික්කයේ, මඩු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් 150 දෙනෙකු සඳහා පාසල් උපකරන සහ වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 22) දින මඩු දේවස්ථානයේදී පැවැත්වීය.
වවුනියාවේ ‘මහා කරුණා’ සංගමයේ සම්බන්ධීකරණයෙන් සහ 542 පාබල බලසේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් සිංගප්පූරුවේ ‘Willing Hearts’ පදනම විසින් සපයන ලද අනුග්‍රහය මත මෙය ක්‍රියාත්මක කරනු ලැබීය. උත්සවයේදී එම පවුල් 200 සඳහා රුපියල් 3000.00 කට අධික වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් සහ පාසල් සිසුන් 150 දෙනෙකු වෙත රුපියල් 5000.00ක් වටිනා පාසල් උපකරණ සහ රු. 2000.00 බැගින් වූ මුල්‍යමය ප්‍රධානයන්ද සිදුකරනු ලැබීය.
උත්සව අවස්ථාවට 542 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටී.එල්.එම් චන්ද්‍රසේකර ආර්ඩබ්ලිව්පී පීඑස්සී, ‘Willing Hearts’ පදනමේ සහ ‘මහා කරුණා සංගමයේ’ සාමාජිකයින් සහභාගී වූහ. මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත සිදු කරන ලදී.
542 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී මේජර් එම්.වී ප්‍රනාන්දු ගේ සම්බන්ධීකරණයෙන් 4 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් අවශ්‍ය කටයුතු සංවිධානය කරන ලදී.