Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2023 22:40:21 Hours

ගින්නෙන් විනාශ වූ සහෝදර කාන්තා සෙබළියගේ නිවස භටපිරිස් විසින් ප්‍රත්සංස්කරණය කරයි

24 පාබල සේනාංකයට අයත් 241 පාබල බලසේනාවේ භටපිරිස් ඔවුන් සමඟ සේවය කරන කාන්තා සෙබළියෙකුගේ අක්කරපත්තුවේ පිහිටි ගිනිගත් නිවස ප්‍රතිසංස්කරණය කර නිවසට අවශ්‍ය ගෘහභාණ්ඩ ද ලබාදීමට කටයුතු කරනු ලැබූහ. යුද්ධ හමුදවේ ඉල්ලීම මත අක්කරෙයිපත්තුවේ මුස්ලිම් සහ දමිළ ව්‍යපාරික ප්‍රජාව නිවසේ අළුත් වැඩියා කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ අවශ්‍ය සම්පත් ලබා දෙමින් ව්‍යාපෘතියට සහාය දෙනු ලැබීය. 24 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය කාන්තා සෙබළ ටී. ඩිරෝනා ගේ නිවස ගින්නට හසුවීමෙන් දැඩි ලෙස හානි සිදුවිය.

241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.එස්.ඩී.එන් පතිරණ ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත 11 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ ශ්‍රමදායකත්වයෙන් සහ පරිත්‍යාගශිලීන් විසින් ලබාදුන් රුපියල් 842,754.00 ක මූල්‍යමය දායකත්වයෙන් විපතට පත් වූ කාන්තා සෙබළිගේගේ නිවස ප්‍රතිසංස්කරණය කිරීමට හැකි විය.

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් ප්‍රතිසංස්කරණය කරන ලද කාන්තා සෙබළියගේ නිවසේ යතුර ප්‍රතිලාභියා සහ ඇගේ මිත්තණිය වෙත ප්‍රදානය කරන ලදී. එදින උත්සවයට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් නිවසට අවශ්‍ය ගෘහ උපකරණ සහ අත්‍යාවශ්‍ය භාන්ඩ කීපයක්ද පවුලේ සාමාජිකයින් වෙත පරිත්‍යග කරන ලදී.