23rd August 2023 21:10:56 Hours
බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලය මගින් පවත්වනු ලැබූ 2023 වසරේ දෙවන ත්‍රෛමාසික පාඨමාලාවන්හී සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය සිකුරාදා (අගෝස්තු මස 11) දින පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පිඑස්සී සහභාගී විය.
සහතිකපත් ප්‍රදානෝත්සවයේදී, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක 08 හි ශිෂ්‍ය නිලධාරීන් 26 දෙනෙකු, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක 24 හි ශිෂ්‍ය නිලධාරීන් 59 දෙනෙකු සහ කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලා අංක 24 හි ශිෂ්‍ය නිලධාරීන් 24 දෙනෙකුගෙන් සමන්විත ශිෂ්‍ය නිලධාරීන් 109 දෙනෙකු වෙත සහතිකපත් පිරිනමනු ලැබූහ.
සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදා යුද විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් බී.පී.පී.ජී.කේ බාලසූරිය ආර්එස්පී පීඑස්සී, ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් එස්.පී වික්‍රමසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී වූ අතර, එහිදී, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායකතුමන් විසින් අවසන් දේශනය පවත්වමින් යුද්ධ හමුදාවේ අනාගත අභියෝග භාර ගැනීම සඳහා වෘත්තීය නිලධාරීන් ලෙස අඛණ්ඩව අධ්‍යාපන කටයුතු සිදුකරමින් වෘත්තීය සුදුසුකම් වර්ධනය කරගත යුතුබව වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
මෙම පාඨමාලාවන්හි ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් ශිෂ්‍ය නිලධාරීන් වෙත යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක විසින් සම්මාන සහ සහතිකපත් පිරිනමන ලදී.
ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක 08
පළමු ස්ථානය - මේජර් ඩී.ඩී මාසිංහ ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී - විශේෂ බලකාය
දෙවන ස්ථානය - මේජර් ඩී.ආර්.එච් හොරදගොඩ යූඑස්පී පීඑස්සී අයිඑස්සී - සන්නද්ධ බුද්ධි බලකාය
තෙවන ස්ථානය - මේජර් ඒ.එල්.ඩබ්ලිව් දිසානායක ආර්එස්පී පිඑස්සී - විජයභාහු පාබල රෙජිමේන්තුව
කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක 24
පළමු ස්ථානය - මේජර් ඒ.එච්.එම් ඛාන් - සන්නද්ධ බුද්ධි බලකාය
දෙවන ස්ථානය - මේජර් පී.එම්.එස්.වයි ප්‍රනාන්දු - විශේෂ බලකාය
තෙවන ස්ථානය - මේජර් එම්.එස්.එම් සේනාරත්න - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය
කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලා අංක 24
පළමු ස්ථානය - කපිතන් ටී.ඒ.එන්.එස්.බී තිබ්බටුමුණුව - යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව
දෙවන ස්ථානය - කපිතන් එච්.එම්.එච් සේනාරත්න - සන්නාහ සන්නද්ධ බලකාය
තෙවන ස්ථානය - කපිතන් පී.එෆ්.ඒ.එල් ෆොන්සේකා - ගජබා රෙජිමේන්තුව