22nd August 2023 21:58:35 Hours
විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී පසුගිය සඳුදා (අගෝස්තු මස 03) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි කටයුතු භාරගත්තේය.
බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි සිදුකරන ලදී.
ධූරයේ රාජකාරි භාරගනු ලබූ බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් හා කාර්යය මණ්ඩල සාමාජිකයින් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගනිමින් තම ඉදිරි දැක්ම ප්‍රකාශ කළේය. අනතුරුව එතුමන් යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී හමුවි අවශ්‍ය උපදෙස් ලබාගත්හ.
මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් පී.පී.ඒ පෙරේරා එච්ඩීම්සී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කෙරිණි.
එම අවස්ථාව සඳහා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.