Header

Sri Lanka Army

Defender of the Nation

22nd August 2023 21:46:27 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නික්මයන රෙජිමේන්තු අධිපතිතුමන් වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ රෙජිමේන්තු අධිපති ලෙස ධූරයේ කටයුතු කර නික්ම යනු ලබන මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත සම්ප්‍රධායානුකූල හමුදා ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (අගෝස්තු මස 19) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ප්‍රධාන දොරටුව අභියසදී එම බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීය. අනතුරුව එතුමන් එම අවස්ථාව සනිටුහන් කරමින් අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක්ද තැබීය.

භටපිරිස් ඇමතූ එතුමන් සිය ධූර කාලය තුළ රෙජිමේන්තුවේ ගෞරවය උසස් මට්ටමෙන් පවත්වාගෙන යමින් තමන් වෙත දැක්වූ සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත සිය කෘතවේදීත්වය පුද කළේය.

උත්සවයේ කටයුතු අවසන් කරමින් හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී පැවැත්වූහ. උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒකක අණදෙන නිළධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් හමුදා සහභාගී වූහ.