22nd August 2023 22:01:12 Hours
21 පාබල සේනාංකයේ භටපිරිස් විසින් අනුරාධපුර, එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ ආරක්‍ෂක අංශ සාමාජිකයින්, පොලිස් නිලධාරීන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට සහ සාමාන්‍ය ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ප්‍රතිසංස්කරණය කරන ලද පිහිනුම් තටාක සංකීර්ණය පසුගිය බදාදා (අගෝස්තු මස 16) දින විවෘත කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩබ්ලිව්.ඩී නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූගේ උපදෙස් මත 21 පාබල සේනාංකයේ භටපිරිස් විසින් මෙම පිහිනුම් තටාකය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලද අතර, එතුමන් එම සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් ධූරයේ සිටියදී අත්හැර දමා තිබූ මෙම පිහිනුම් තටාක පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේය. තාක්‍ෂණික ගැටළු සහ ඇති වූ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පිහිනුම් තටාකය වසර හතරකට වැඩි කාලයක් වසා දමා තිබුණි.
ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 62 දෙදෙනෙකුගෙන් සමන්විත යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා වූ පිහිනුම් පුහුණු පාඨමාලාවක් ද මෙම වසරේ සැප්තැම්බර් 04 දින ආරම්භ කිරීමට නියමිතව ඇත.