22nd August 2023 22:08:14 Hours
වැල්ලවාය ප්‍රදේශයේ කොටිගම්බොක්ක, තිත්තමුලකන්ද රක්‍ෂිතයේ පසුගිය සඳුදා (අගෝස්තු මස 21) දින සවස 5.50 ට පමණ හටගත් විශාල ලැව් ගින්නක් මැඩපැවැත්වීමට කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ භටපිරිස් කටයුතු කරන ලදී.
එම පුහුණු පාසලේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් වගා බිමක් හා ඒ ආශ්‍රිත ප්‍රදේශයක පැතිරයමින් තිබූ ලැව් ගින්න මැඩපැවැත්වීමට සමත් වූහ. කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායකතුමන්ගේ උපදෙස් මත භටපිරිස් විසින් මෙම මෙහෙයුම සිදුකරන ලදී.