Header

Sri Lanka Army

Defender of the Nation

18th August 2023 13:10:55 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නික්මයන සේනාවිධායකතුමන් වෙත එම බලසේනාවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් බදාදා (අගෝස්තු මස 16) දින කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී වෙත ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූ අතර, අනතුරුව ශ්‍රී ලංකා රයිෆල් බළකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකායේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, සම්බන්ධීකරණ නිලධාරී සහ ස්වේච්ඡා බලසේනා මූලස්ථාන බලඇණියේ අණදෙන නිළධාරී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයෙහි නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකායේ භටපිරිස් විසින් පිරිනමන හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ලබාදීමට එතුමන් සරඹ භූමිය වෙත කැටුව යන ලදී. භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී සිය ධූර කාලය තුළ තමන් වෙත දැක්වූ සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත සිය කෘතවේදීත්වය පුද කළේය.

උත්සව අවස්ථාව අතරතුරදී එතුමන් විසින් මෑතකාලීන ඉදිකිරීම් කටයුතුවල නිරත වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයෙහි භටපිරිස් වෙත ඇගයීම් සහතික පත් ප්‍රදානය කරන ලදී. අනතුරුව එතුමන් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුකරන ලදී.

කඳවුරු ප්‍රධාන දොරටුව වෙත පිවිසෙන මාර්ගය දෙපස සිටි නිලධාරීන්ගේ සහ භටපිරිස්හි ඔල්වරසන් හඬ මධ්‍යයේ මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යන ලදී. එම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.