18th August 2023 13:00:27 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලෙස ධූරයේ රාජකාරි භාරගනු ලැබූ මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී පසුගිය බදාදා (අගෝස්තු මස 16) දින 23 පාබල සේනාංක වෙත සිය ප්‍රථම සංචාරය සිදුකළේය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවචාරය පිරිනැමීමෙන් අනතුරුව, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ අඹ පැලයක් රෝපනය කරන ලද අතර, අනතුරුව 23 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. නිල සංචාරය අතරතුර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වෙමින් භටපිරිස් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගත්හ.
එතුමන් වෙත, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් එම සේනාංකයේ කාර්යභාර්යය සහ එහි වගකීම් පිළිබඳ දැනුවත් කළේය. ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර කඳවුරු පරිශ්‍රයෙන් පිටත්ව යාමට පෙර, අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක්ද තැබීය.
සංචාරය අතරතුර, මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ඔඩ්ඩමාවාඩි හි කොවිඩ් 19 සුසාන භූමිය සහ පුනානි විශ්වවිද්‍යාල පරිශ්‍රයෙහිද සංචාරයේ නිරත විය. උත්සව අවස්ථාව සඳහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 231 පාබල බලසේනාවේ බලසේනාධිපති, මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.