Header

Sri Lanka Army

Defender of the Nation

18th August 2023 13:15:46 Hours

මාලි රාජ්‍යයේ 5 වන රථ ආරක්‍ෂක භට ඛණ්ඩය, මෙහෙයුම් දියත් කරයි

මාලි රාජ්‍යයේ 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා රථ ආරක්‍ෂක භට ඛණ්ඩය සිය පළමු මෙහෙයුම පසුගිය සඳුදා (අගෝස්තු මස 07) දින ආරම්භ කරන ලදී.

කිඩාල්, අගුලෝක් සහ ටෙසාලිට් යන එක්සත් ජාතීන්ගේ කඳවුරු සහ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය වෙත භඨකාර්ය සැපයුම් පහසුකම් ලබාදීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී. එහිදී බමාකෝ, බලකා මූලස්ථානයේ සෘජු අධීක්‍ෂණය යටතේ භඨකාර්ය සම්පාදන රථ 228 මගින් ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගෙන දෙන ලදී.

මෙහෙයුම අතරතුර, සන්නාහ සන්නද්ධ පිරිස් රථ (APCs) 19 ක් සහ හමුදා ට්‍රක් රථ 17 ක් මගින් කිලෝමීටර 577ක සම්පූර්ණ දුරක් ආවරණය කරන ලදී. Gao Super කඳවුරු පරිශ්‍රයේ සිට Tessalit දක්වා වූ මෙම අභියෝගාත්මක මෙහෙයුම් කටයුත්ත සඳහා සහ අනෙකුත් රථ පෙළ ආරක්‍ෂක රාජකාරි සඳහා නිලධාරීන් 18 දෙනෙකු සහ භටපිරිස් 141 දෙනෙකු සහභාගි වූහ.