17th August 2023 21:04:43 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පුදකිරිමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කේ.ටී.පී සිල්වා යූඑස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කරනු ලැබීය.
එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සේවයෙහි නියුතු නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටි අතර, අනතුරුව එම නිලධාරින් සමඟින් තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් විය. සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහාද එක් වූ මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සියලු භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය ධූර කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතවේදීත්වය පුදකළේය. ඉන් අනතුරුව, එතුමන්ගේ විශිෂ්ඨ නායකත්වය සහ කැපවීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් විශේෂ සමරු තිළිණයක්ද ප්‍රදානය කරනු ලැබීය.
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත එදින සන්ධ්‍යාවේ හමුදා සම්ප්‍රධායානුකූල සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත සියලුම පාබල සේනාංක, බලසේනා සහ ඒකකවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත සියලුම පාබල සේනාංක, බලසේනා සහ ඒකක වෙත ගොස් භටපිරිස් ඇමතීමද සිදුකරන ලදී. උත්සව අවස්ථාව සඳහා 14 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපතිතුමන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.