17th August 2023 20:49:02 Hours
ධූරයෙන් නික්ම යන 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරාවාචර පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (අගෝස්තු මස 14) දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
සේනාංක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී ධූරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකල අතර, පසුව 62 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් එතුමන් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ. එම අවස්තාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සමූහ ඡායාරූප කිහිපයක් සඳහාද පෙනීසිටියේය.
භටපිරිස් ආමන්ත්‍රණය කළ නික්ම යන 62 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත තම ධුර කාලය තුලදී බලප්‍රදේශයේ රාජකාරි කටයුතු සිදුකිරීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් සියලුම නිලයන් වෙත සිය කෘතඥතාව පුදකළේය. හමුදා සම්ප්‍රදායානුකූලව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහය අතරතුරදී එතුමන් භටපිරිස් සමඟින් සුහඳව අදහස් හුවමාරුකරගත් අතර, අනතුරුව නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත ඇගයීමේ සංකේතයක් ලෙස සමරු තිළිණයක්ද ප්‍රදානය කළේය.