Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2023 21:00:35 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් දියතලාවේ ‘ෆොක්ස් හිල්’ ප්‍රදේශයේ පැතිර යමින් තිබු ලැව් ගින්නක් මැඩපැවැත්වීමට සමත්වූහ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් 2023 අගෝස්තු මස 16 දින දියතලාව ‘ෆොක්ස් හිල්’ ප්‍රදේශයේ වේගයෙන් පැතිර යමින් තිබූ ලැව් ගින්නක් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම විසින් ලබාදුන් මාර්ගෝපදේශයන්ට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු නිළධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙම ගින්න මැඩපැවැත්වීමට සමත් වූහ. දිවයිනේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවන ලැව්ගිනි පාලනය කිරීම සඳහා දිවයින පුරා සේවයේ නියුතු හමුදා භටපිරිස් සිය සහය ලබාදෙමින් සිටියි.