Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2023 20:42:24 Hours

‘අභිමංසල – 1’ සුවතා නිකේතනයේ 12 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල-1’ සුවතා නිකේතනය එහි 12 වන සංවත්සරය එම සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.එම්.කේ චක්‍රවර්ති ආර්එස්පී ගේ උපදෙස් මත පසුගිය බදාදා (ජූලි මස 26) දින පැවැත්වීය.

‘අභිමංසල-1’ සුවතා නිකේතන පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ඩී.එම්.කේ චක්‍රවර්ති ආර්එස්පී වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරව පිරිනැමූ අතර, අනතුරුව එහි කාර්යය මණ්ඩලය විසින් එතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.සංවත්සර දිනය සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ අතර, අනතුරුව එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් සහ භටපිරිස් අමතා සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා එක් විය.

සංවත්සර දින සර්ව රාත්‍රික සෙත් පිරිත් සජ්ඣායනාවක් සහ පසුදින මහා සංඝරත්නය වෙත හීල් දානය පරිනැමීමේ පිංකමක්ද පැවැත්වීය.උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී. ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.