16th August 2023 17:38:22 Hours
එක්සත් ජනපද හමුදාවේ මේජර් ජෙනරල් ජෙරාඩ් හෙල්විග්ගේ (Major General Jerad Helwig) නායකත්වයෙන් යුත් එක්සත් ජනපද හමුදාවේ ‘8th Theater Sustainment Command’ හි නියෝජිත පිරිසක් වන 130 ඉංජිනේරු බලසේනාධිපති කර්නල් මැක්(ගු)නෙගල් (Colonel McGunegle), කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරි ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් (Lieutenant Colonel Anthony Nelson ) සහ විධායක නිලධාරී මේජර් තෙරේසා (Major Theresa) ඉකුත් බදාදා (අගෝස්තු මස 16) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ප්‍රථමයෙන් එක්සත් ජනපද හමුදාවේ ‘8th Theater Sustainment Command’ සහ එහි ප්‍රමුඛතා පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කරමින් ඊට අනුබද්ධිතව ක්‍රියාත්මක කෙරෙන මෙහෙයුම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා බහුජාතික තිරසාර විසඳුම් ලබා දීම සහ විවිධ මෙහෙයුම් සඳහා උපාය මාර්ගික සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සිදුකරන ලදී.
එක්සත් ජනපද නියෝජිතයින් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භඨකාර්ය සම්පාදන කාර්යභාරය සහ එය ඉටුකිරීමට ඇති හැකියාවන් පිළිබඳව මෙන්ම වත්මන් සැපයුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙහිදි සාකච්ඡා කළහ. තවද එහිදි, විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන අවස්ථාවන්හිදී ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව සහ අනෙකුත් හමුදාවන් සමඟ භඨකාර්ය සම්පාදන ක්‍රියාවලිය සිදුකරන ආකාරය පිළිබදව ද අදහස් හුවමාරු කර ගන්නා ලදී.
මෙම සාකච්ඡාව අවසානයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සංචාරයේ නිරත එක්සත් ජනපද නියෝජිතයින් වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. එහිදි එක්සත් ජනපද නියෝජිතයින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ද සමරු තිළිණයක් ප්‍රධානය කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ද සහභාගී වූහ.