09th August 2023 18:44:15 Hours
කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි හමුදා ක්‍රියාන්විතයන් සම්බන්ධීකරණය සහ අධීක්‍ෂණය, සාමය හා ආරක්‍ෂාව පවත්වාගෙන යාම පිළිබඳ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙතින් වගකීම දරනු ලබයි. එම දිස්ත්‍රික්කයන් තුළ පිහිටි යුද්ධ හමුදා කඳවුරු තුලින් සිය බලප්‍රදේශයන්හි සිදුකරනු ලබන උක්ත කාර්යභාරයන්ට අමතරව සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර පවතින සබඳතාවයන් තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ඵලදායි ව්‍යාපෘති රාශියක් ද ක්‍රියාත්මක කරනු ලබයි.
බලාපොරොත්තු විරහිත දුෂ්කරතා සමඟ ගැටෙන මුලතිව් ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා ආරක්‍ෂාව සහ ආරක්‍ෂිත වාසස්ථාන ලබාදී ඔවුන්ගේ දුෂ්කරතාවයන් වලින් තරමක් හෝ සමනය කිරීමට ද යුද්ධ හමුදාව කැපවීමෙන් ක්‍රියාකරනු ලබයි. ගෞරවාන්විත ජීවන අවකාශයක් සඳහා සෑම පුද්ගලයෙකුටම ඇති මූලික අයිතිවාසිකම හඳුනා ගනිමින් නොයෙක් ආකාරයේ විපත් වලට මුහුණදෙන පුද්ගලයින් ශක්තිමත් කරමින් ඔවුන්ට ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරයි.
මුලතිව් ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල වැසියන් මුහුණ දෙන බහුවිධ අභියෝගවලට මුහුණදීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත රාජ්‍ය නොවන සංවිධාන, මානුෂීය ආයතන සහ ප්‍රාදේශීය ප්‍රජා කණ්ඩායම්වල සහයෝගය ඇතිව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙතින් නිවාස අවශ්‍යතා සහිත පවුල් වෙත නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතීන්හි නිරතවෙයි. දරිද්‍රතාවය සහ අනාරක්‍ෂිතභාවය තුරන් කිරීමේ අරමුණ පෙරදැරිව යුද්ධ හමුදා සාමාජිකයන් දිවා රෑ නොබලා මෙම ව්‍යාපෘතීන්හි නිරතවෙයි.
මේ වනවිට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු භටපිරිස්හි තාක්‍ෂණික විශේෂඥතාවය සහ ශ්‍රම දායකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත සිවිල් වැසියන් වෙනුවෙන් නව නිවාස 207 ක් ඉදිකර එම පවුල් වෙත පවරා දී ඇත. ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන්ගේ මගපෙන්වීම සහ පරාර්ථකාමී උත්සාහය මත මෙ වනවිටත් එවැනි පවුල් 4 ක් වෙනුවෙන් නව නිවස ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් පවතී. මුලතිව් සහ කිලිනොච්චි ප්‍රදේශයන්හි ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් විසින් වර්ෂ 2009 සිට 2023 දක්වා කාලය තුළ මෙම නව නිවාස ඉදිකර දී ඇත.
මෙම නිවාස වැඩසටහන තුලින් මුලතිව් ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් පෙළෙන බොහෝ පවුල්වල වැසියන්ගේ ජීවිතවල කැපී පෙනෙන වෙනසක් සිදුව ඇති අතර යුද්ධ හමුදාවේ කැපවීම තුලින් එම පවුල්වල වැසියන්ගේ දිවිය නැවත ගොඩනඟාගැනීමට සහ දීප්තිමත් අනාගතයක් උදාකරගැනීමට මංපෙත් විවරවනු ඇත.
මුලතිව් ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල අවශ්‍යතාවයන් ඉටුකරමින් ඔවුන්ට යහපත් හෙට දවසක් උදාකර දීමට යුද්ධ හමුදාව දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරනු ලබන අතර රට තුළ ජනවාර්ගික සහජීවනය, සංහිඳියාව සහ සාමකාමී පරිසරයක් උදාකරලීමේ අධිෂ්ඨානයෙන් යුතුව මෙම වැඩසටහන්හි නිරතව සිටියි.