08th August 2023 20:30:10 Hours
වර්ෂ 1992 අගෝස්තු මස 8 වන දින යාපනයේ අරාලි තුඩුවේ දී තම මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීමේ මානූෂීය මෙහෙයුමේ නිරතව සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගත් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහ නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු විරෝදාර රණවිරුවන් නවදෙනාගේ 31 වන ගුණ සැමරුම වෙනුවෙන් පසුගිය අඟහරුවාදා දින (අගෝස්තු 8) අනුරාධපුර, සාලියපුර ස්ථාපිත ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උපහාර පුදකිරීමේ උත්සවයක් පවත්වන ලදී.
සාලියපුර පැවති මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී වූ අතර, එහිදි එතුමන් විසින් මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ඇතුළු දිවිපිදු වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර දැක්වීය.
උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා සපැමිණීමෙන් පසු ජාතික ගීය සහ ගජබා රෙජිමේන්තු ගීතය ගායනා කිරීමෙන් අනතුරුව, මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වමින් දිවංගත වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර පුදකරන ලදී. පසුව යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූලව හිරු නැගෙනා මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වාදනය කරන යුද්ධ හමුදා බියුගල් නාදය වාදනය කරන ලදී.
ගජබා රෙජිමේන්තුවේ තූර්ය වාදන හඞ මධ්‍යයේ මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ටී.ඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිවී ආර්එස්පී යූඑස්පී සමග එක්ව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ ප්‍රතිමාව අභියසදී එතුමන් වෙත පුෂ්පෝපහාර දක්වන ලදී.
1992 වර්ෂයේ අගෝස්තු මස 08 දින රුදුරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් අටවන ලද බිම්බෝම්බයකට ගොදුරු වී දැයෙන් සමුගත් යුද විරුවෙකු වූ මේජර් ජෙනරල් විජය විමලරත්න ඇතුළු ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්.ආර් ස්ටිවන්, ලුතිනන් කර්නල් ජී.එච් ආරියරත්න, ලුතිනන් කර්නල් වයි.එන් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිතන් කර්නල් නලින් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී. විජේපුර සහ කෝප්‍රල් ඩබ්ලිව්.ජේ වික්‍රමසිංහ යන අභීත යුද විරුවන් යාපනය, අරාලි තුඩුවේ රාජකාරි කටයුතුවල නිරතව සිටියදී මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිත පූජා කරනු ලැබීය.
මෙම ගුණානුස්මරන උත්සව අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් කේ.ආර් කළුපහන ආර්එස්පී යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
මෙම උත්සව අවස්ථාවට සමගාමීව 7 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කිරිබත්ගොඩ, මාකොළ පිහිටි ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර පුදකරන ලදී.
මෙම උපහාර පුදකිරීමේ උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා මූලස්ථානය නියෝජනය කරමින් සහභාගී වූ යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් පාබල හමුදාව, මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ සුභසාධක අධ්‍යක්‍ෂ, බ්‍රිගේඩියර් ආර්.පී.ඒ.ආර්.පී රාජපක්ෂ ආර්එස්පී එක්ව දිවිපිදු වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකරන ලදී.