Header

Sri Lanka Army

Defender of the Nation

07th August 2023 20:36:20 Hours

1 බලකායේ බලකාධිපතිතුමන් 58 පාබල සේනාංකයේ නිල සංචාරයක

1 බලකායේ නව බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය සිකුරාදා (අගෝස්තු මස 04) දින 58 පාබල සේනාංකයේ ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.

කඳවුරු පරිශ්‍රයන් වෙත සපැමිණි 1 බලකායේ බලකාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

1 බලකායේ බලකාධිපතිතුමන් වෙත 58 පාබල සේනාංකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳව එම සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ මාණ්ඩලික නිලධාරීන් විසින් දැනුවත් කරන ලදී. අනතුරුව එතුමන් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.

නිල සංචාරය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී. ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී විසින් විසින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.