31st July 2023 19:35:54 Hours
බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පදවියට පත් පෑලියගොඩ ජයතිලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගැටබෙරිකන්දේ රතනසිරි හිමිපාණන් වෙත ‘අක්ත පත්‍ර’ ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී වූයේය. එහිදී, උන්වහන්සේ වෙත ‘විමලසිරී වංශාලංකාර ධර්මකීර්ති ශ්‍රී’ ගෞරව නාමය සහ ‘අග්ගමහා සද්ධම්ම ජෝතිකා ධජ’ ගෞරව උපාධි නාමය ප්‍රදානය කිරීම ද එම අවස්ථාවේදී සිදුවිය.
මෙම පුණ්‍යෝත්සවය අමරපුර මහා නිකායේ වැඩබලන මහානායක පූජ්‍ය පරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ ජයතිලකාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
ගැටබෙරිකන්දේ රතනසිරි හිමිපාණන් වෙත මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් ‘අක්ත පත්‍රය’ ප්‍රදානය කළ අතර මියන්මාර තානාපති කාර්යාලයේ මානව සම්පත් උපදේශක කළමනාකරු තා තු මහතා (Mr.Tha Thu) ගේ සුරතින් එම හිමිපාණන් වෙත ‘අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ’ ගෞරව උපාධි නාමය ප්‍රදානය කරනු ලැබීය.
මෙම පුණ්‍යෝත්සවය සඳහා මහා සංඝරත්නය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය, 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.ජී.බී. කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ඇතුළු විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.