Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2023 20:25:51 Hours

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් අතිගරු අලි ෆායිස් (Ali Faiz ) මහතා බ්‍රහස්පතින්දා (27) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාවේ සංවර්ධනය ඉලක්ක කරගත් කාර්යභාරයන් පිළිබඳව සහ දෙරට අතර පවතින සුහදතාවය, සහයෝගීතාවය මෙන්ම ද්විපාර්ශ්වික සබඳතාවයේ දිගුකාලීන බැඳීම් සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සඳහා ක්‍රියාත්මක පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ අභ්‍යාසවලට සහභාගී කරවීමේ හැකියාව පිළිබදව අදහස් හුවමාරු කරගන්නා ලදී.

මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකරනු ලැබු අතර, එම අවස්ථාව සඳහා මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් එල්.ටී.සී. හසන් අමීර් (Lieutenant Colonel LTC Hassan Amir) ද සහභාගි විය.